Friday, January 10, 2025

General line - 0115112241

ඉන්දු ඕස්ට්‍රේලියා තරඟය මෙච්චර වටින්නේ ඇයි




මෙවර ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ වැඩිම අවධානයක් දිනූ තරගයක් අද පැවැත්වෙනවා.

ඒ, සත්කාරක ඉන්දියාව හා ඕස්ට්‍රේලියාව අතරයි.

ඉන්දියාව හා ඕස්ට්‍රේලියාව වර්තමාන එක්දින ක්‍රිකට් පිටියේ ඉහලම දක්ෂතා දක්වන කණ්ඩායම් දෙකක් වීම හේතුවෙනුයි මෙම තරගය දෙස ලෝකයේම අවසානය යොමුව ඇත්තේ.

එමෙන්ම විචාරක මතය අනුව මෙවර ලෝක කුසලානය දිනා ගැනීමට වැඩි ඉඩක් ඇතැයි අනුමාන කෙරෙන කණ්ඩායම් 04 අතරටද මෙම කණ්ඩායම් දෙක ඇතුලත්. 


අද තරගය පැවැත්වෙන්නේ ඉන්දියාවේ චෙන්නායි ක්‍රීඩාංගනයේදීයි.

අද තරගයේදී ඉන්දීය කණ්ඩායමේ වෙනස් කම් කිහිපයක්ම සිදුවනු ඇති බවටයි වාර්තා වන්නේ.

මේ වන විට එක්දින පිටියේ ඉහලම දක්ෂතා දක්වන සුබ්‍රමන් ගිල් අද තරගයට සහභාගී වීම අවිනිෂ්චිත බවත් ඒ වෙනුවෙට ඉෂාන් කිෂාන් ආරම්භක පිතිකරු ලෙස කටයුතු කරනු ඇති බවට ද වාර්තා වනවා.

බොහෝ දුරට ඉන්දියාව අද තරගයේදී දග පන්දු යවන්නන් තිදෙනෙකු සමග පිටියට පිවිසීමට නියමිතයි. අවසන් පුහුණු තරගයට එක් වූ ඕස්ට්‍රේලියාව වෙනසකින් තොරව අද තරගයට එක් වනු ඇති. 


මෙවර ලෝක කුසලානයේ අතිශය උණුසුම් වනු ඇතැයි දැනටමත් ප්‍රකාශ වී ඇති මෙම තරගය ශ්‍රි ලංකා වේලාවෙන් අද පස්වරු දෙකට ආරම්භ වන අතර උණුසුම් තොරතුරු නෙත් ස්පෝට්ස්මන් හරහා ගෙන ඒමටද කටයුතු යොදා තිබෙනවා.