Thursday, December 26, 2024

General line - 0115112241

මාතර රැළියට ඩලස්ගෙන් ප‍්‍රතිචාර




යහපාලනය සදහා වූ ආණ්ඩුවේ පළමු සංවත්සරය වෙනුවෙන් ඊයේ (19) මාතරදී පැවති රැළිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්තී‍්‍ර ඩලස් අලහප්පෙරුම අද (20) අදහස් පළ කළා. ඒ, මාතරදී පැවති මාධ්‍ය හමුවකදීයි. එහිදී මන්ත්‍රීවරයා මෙලෙස අදහස් දැක්වූවා.

“මාතර දිස්ත්‍රික්කයේ සන්ධානය වෙනුවෙන් පෙනී සිටි ජනතාව ඒකමතිකව තීරණය කළා මේ රැළිය වර්ජනය කරන්නට ඕනේ කියලා. අපි දැක්කා වේදිකාවේ ඒකට ලැබුණු ප්‍රතිචාර. මෛත්‍රී ජනාධිපතිතුමත් වෙනදා නැති කේන්තියකින් කතාකළා.

ජනාධිපතිතුමනි එක්සත් ජාතික පක්ෂයත් එක්ක මාතර වේදීකාවකට ඇවිල්ලා අවුරුදු 5කට මේ දීගය දීර්ඝ කරනවා කිවුවම ඊට වඩා වැඩි කේන්තියක් මේ සටන්කාමී දේශපාලන භූමියේ ජීවත්වෙන මිනිසුන්ට නිරායාසයෙන්ම ඇතුල් වෙනවා.

මෙන්න මේකයි තේරුම්ගත යුත්තේ. අපේ ඉන්න ජ්‍යෙෂ්ඨතම දේශපාලඥයාගේ සංවිධායක ධූරය අහෝසිකරලා ඡන්ද අනූ අට දාහක් ගත්ත මහින්ද යාපා අබේවර්ධන මැතිතුමාගේ. දාහ හතරදාහක් ඡන්ද ගත්තු කෙනෙක් ඒ වෙනුවට පත්කරපු එකට දිස්ත්‍රික්කයේ මිනිස්සු විරෝධයි”.

එස් ඩබ්ලිව් ආර් ඩි බණ්ඩාරණායක මහතා එක්සත් ජාතික පක්‍ෂයෙන් ඉවත්වීමට හේතු වූ කරුණු පිළිබද ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂයේ නායකයන් යළි සිතා බැලිය යුතු බවද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා.