Wednesday, January 8, 2025

General line - 0115112241

සිම්බාබ්වේට එරෙහි ක්‍රිකට් තරඟාවලියේ එක් දින නායකයා කුසල් වෙද්දී වනිඳුට විස්සයි විස්ස නායකත්වය




සංචාරක සිම්බාබ්වේ කණ්ඩායම සමඟ පැවැත්වෙන ක්‍රිකට් තරඟාවලියේ ශ්‍රී ලංකා නිළ සංචිතය අද ප්‍රකාශයට පත් කෙරුණා.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ එක් දින තරඟාවලියේ නායකයා ලෙස කුසල් මෙන්ඩිස් කටයුතු කරන බවයි.

උප නායකයා ලෙස චරිත් අසලංක නම් කර ඇති අතර පැතුම් නිස්සංක, අවිශ්ක ප්‍රනාන්දු, සදීර සමරවික්‍රම, සහන් ආරච්චි, නුවනිඳු ප්‍රනාන්දු, දසුන් ශානක, කවිඳු මෙන්ඩිස්, වනිඳු හසරංග ඇතුළු ක්‍රීඩකයින් 21 දෙනෙක් එක් දින සංචිතයට ඇතුළත්. 

මේ අතර පන්දු වාර වස්සයි විස්ස ක්‍රිකට් තරඟාවලියේ නායකත්වයට වනිඳු හසරංග නම් කර ඇති අතර එහි උප නායකයා වන්නේද චරිත් අසලංක බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පැවසුවේ.

විසි දෙදෙනෙකුගෙන් යුත් එම සංචිතයට පැතුම් නිස්සංක, කුසල් මෙන්ඩිස්, දසුන් ශානක, ඇන්ජලෝ මැතිව්ස්, ධනංජය ද සිල්වා  සහ භානුක රාජපක්ෂ ද ඇතුළත්.  

දෙරට අතර පැවැත්වෙන තරඟ තුනකින් සමන්විත එක් දින ක්‍රිකට් තරඟාවලිය ජනවාරි මස 6 වනදා ආරම්භ වීමට නියමිතයි.  

විස්සයි විස්ස තරඟාවලියටද තරඟ තුනක් අයත් වන අතර එහි පළමු තරඟය ආරම්භ වීමට නියමිතව ඇත්තේ ජනවාරි මස 14 වනදායි.

සියලු තරඟ කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේදී පැවැත්වීමට නියමිත බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වැඩිදුරටත් සඳහන් කළේ.