Wednesday, January 8, 2025

General line - 0115112241

ලොවක් දන්න නේපාල ක්‍රිකට් ක්‍රීඩකයා වසර 08 ක් හිරේට




නේපාල ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක සන්දීප් ලෙමෙන්චි හට එරට අධිකරණයක් විසින් වසර 8ක සිරදඬුවම් නියම කර තිබෙනවා.

ඒ, 18 හැවිරිදි වියේ පසුවූ තරුණියක් දූෂණයට ලක්කිරීම සම්බන්ධයෙන් ඔහුට එරෙහිව එල්ලවූ චෝදනාවලට අදාළවයි.

නඩු විභාගයෙන් අනතුරුව කත්මන්ඩු අධිකරණය විසින් ඔහුට වසර 8 ක සිරදඬුවමක් නියම කළා.

එමෙන්ම ඔහුට නේපාල මුදලින් රුපියල් ලක්ෂ දෙකක වන්දියක් ගෙවන ලෙසට ද නියම කර තිබෙනවා.

2022 වර්ෂයේ අගෝස්තු මාසයේදී අදාළ තරුණිය දූෂණය කළ බවට ඔහුට එරෙහිව චෝදනා එල්ල වුණා.

ඒ වනවිට බටහිර ඉන්දිය කොදෙව් ලීග් ක්‍රිකට් තරගාවලියට එක්ව යළි නේපාලය බලා පැමිණි අවස්ථාවේ ඔහුව අත්අඩංගුවට ගැණුනා.

පසුව ඇප හිමිවීමෙන් පසුව ඇප මත සිටින අතරතුරත් ඔහු එරට ජාතික කණ්ඩායම නියෝජනය කරමින් ක්‍රීඩා කළා.

ඔස්ට්‍රේලියාවේ බිග් බෑශ් සහ ඉන්දිය ප්‍රිමියර් ලීග් යන ලොව ප්‍රධාන ලීග් තරඟාවලි ඒ අතරට අයත්.

කෙසේවෙතත් ස්ත්‍රී දූෂණ චෝදනා එල්ල වීමත් සමඟ නේපාල ක්‍රිකට් නායකත්වයෙන් ඔහු ඉවත් කිරීමටයි තීරණය කෙරුණේ.

ඔහුගේ පන්දු යැවීමේ ඉරියව්ව සහ ඉතා කෙටි කාලයක් තුළ දැක්වූ ඉහළ දක්ෂතා මත සන්දීප් ලෙමෙන්චි ලෝක ක්‍රිකට් පිටියේ දැඩි කතාබහකට ලක්වුණා.

නේපාල ක්‍රීකට් ජාත්‍යන්තරයේ කතාබහට ලක්වීමට ප්‍රධාන චරිතයක් වූයේ ද ඔහුයි.

තවමත් 23 හැවිරිදි වියේ පසුවන ඔහු මේ වන විට බිඳ හෙලා ඇති ජාත්‍යන්තර කඬුලු සංඛ්‍යාව 210 ක්.