Thursday, December 26, 2024

General line - 0115112241

රත්නපුර පානදුර ප්‍රධාන මාර්ගය අඩි 4ක් ජලයෙන් යටවෙයි

ගල්පාත චන්දන පෙරේ




රත්නපුර පානදුර ප්‍රධාන මාර්ගයේ සම්පූර්ණයෙන්ම අඩි 4ක් පමණ ජලයෙන් යටවී තිබෙනවා.

ඒ ඉංගිරිය නම්බපාන ප්‍රදේශයේ ප්‍රධාන මාර්ගයේ  කිලෝමීටරයක පමණ දුර ප්‍රමාණයක් මෙලෙස යටවී ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු සඳහන් කර සිටියේ.

තවද හොරණ බොරළුගොඩ කර්මාන්ත පුරය ආසන්නයේ රත්නපුර පානදුර ප්‍රධාන මාර්ගයත් මේ වන විට අඩි එකහමාරක පමණ ජලයෙන් යට වී තිබෙනවා.

+මේ වන විට වගවත්ත ප්‍රදේශයෙන්ද මාවක් කොයි පිටාර ගලමින් පවතින බවයි නෙත් නිවුස් වාර්තාකරු සඳහන් කර සිටියේ