Thursday, December 26, 2024

General line - 0115112241

ගසක් කඩා වැටීම නිසා වරකාපොලත් හිරවෙයි 

මිනුවන්ගොඩ දමිත් තිසර




කොළඹ - නුවර ප්‍රධාන මාර්ගයේ වරකාපොල නගරය ආසන්නයේ දුම්මලදෙණිය හා හැලගල අතර ප්‍රදේශයේ මාර්ගයට විශාල ගසක් කඩා වැටී තිබෙනවා.

ඒ හේතුවෙන් කොළඹ - නුවර ප්‍රධාන මාර්ගයේ වරකාපොල නගරය අවට ප්‍රදේශයේ තවමත් දැඩි රථවාහන තදබදයක් තිබෙන බවයි නෙත් නිවුස් වාර්තාකරු සඳහන් කර සිටියේ 

දුම්මලදෙණිය හා හැලගල අතර ප්‍රදේශයේ මෙම ගස කඩා වැටී ඇති අතර, එය ඉවත්කිරීමේ කටයුතු තවමත් සිදු වෙමින් තිබෙන බවයි වාර්තා වන්නේ.

මේ වනවිට එක් මංතීරුවක් පමණක් විවෘතව ඇතත් නුවර සිට කොළඹ බලා පැමිණෙන වාහන දැඩි තදබදයකට හසුවී තිබෙනවා.

ඒ නිසා තවදුරටත් විකල්ප මාර්ග භාවිතා කරන ලෙස රියදුරන්ට දන්වා සිටිනවා.

කොළඹ දෙස සිට පස්යාල නගරය පසුකර පැමිණ ඇති වාහන විකල්ප මාර්ග හරහා මීරිගම නගරය හරහා වරකාපොල නරගයට පැමිණිය හැකි බවත් එමෙන්ම අනෙක් වාහන පස්යාල - මීරිගම මාර්ගය හරහා වරකාපොලට පැමිණීමේ හැකියාව ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු සඳහන් කර සිටියේ.

වරකාපොල නගරයටද සුළු ගංවතුර තත්ත්වයක් මේ වනවිට ඇතිවී තිබෙන අතර, ඒ හේතුවෙන් ප්‍රධාන මාර්ගයේ ගමනාගමන කටයුතු වලටද බාධා එල්ල වී ඇති බව වාර්තා වෙනවා.