Thursday, December 26, 2024

General line - 0115112241

දකුණු මුහුදේදී ආපදාවට පත්ව සිටියදී මුදවා ගත් ධීවරයින් 06 දෙනා නාවික හමුදා මඟින් ගොඩබිමට රැගෙන එයි




ශ්‍රී ලංකාවට දකුණු දෙසින් දෙවුන්දර තුඩුවේ සිට නාවික සැතපුම් 480 ක් පමණ දුරින් වූ ගැඹුරු මුහුදේදී ආපදාවට පත්ව සිටියදී කොළඹ, සමුද්‍රීය සෙවීම් හා මුදවා ගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානයේ සම්බන්ධීකරණයෙන්, විදෙස් නෞකාවක් මඟින් මුදවා ගත් මෙරට බහුදින ධීවර යාත්‍රාවක සිටි ධීවරයින් හය දෙනා ගාල්ල වරාය වෙත රැගෙන ඒමට නාවික හමුදාව විසින් කටයුතු කර තිබුනා.

ඒ අනුව, කොළඹ සමුද්‍රීය සෙවීම් හා මුදවා ගැනීම සම්බන්ධීකරණ මධ්‍යස්ථානයේ සම්බන්ධීකරණයෙන්, ‘MT_TONEGAWA’ නමැති වෙළඳ නෞකාව මඟින් 2024 මැයි මස 31 වන දින මුදවා ගත් මෙම ධීවරයින් හය දෙනා එම නෞකාව මඟින් ගාල්ල වරාය ආසන්නයට රැගෙන ඒමෙන් අනතුරුව, වේග ප්‍රහාරක යාත්‍රාවක් මඟින් ගොඩබිමට රැගෙන පැමිණ තිබෙනවා.