Thursday, December 26, 2024

General line - 0115112241

කාසල්රි සහ මවුස්සාකැලේ ජලාශවල ජල මට්ටම පිටාර මට්ටමට -  ජල විදුලි බලාගාර වල විදුලි උත්පාදනය ඉහලට

හැටන් රංජිත් රාජපක්ෂ




මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලට පසුගිය දින කිහිපය තුල ඇද හැලුණු අධික වර්ෂාවත් සමග කාසල්රි සහ මවුස්සාකැලේ ජලාශවල ජල මට්ටම පිටාර මට්ටමට ආසන්න වෙමින් පවතින බව එම ජලාශයන් භාර ඉංජිනේරුවන් පවසනවා.

කාසල්රි ජලාශයේ ජල මට්ටමට පිටාර මට්ටමට අඩි 12 ක් සහ මවුස්සාකැලේ ජලාශයේ ජල මට්ටම පිටාර මට්ටමට අඩි 11 ක් වශයෙන් මේ වන විට ලඟා වී තිබෙන බවයි එම ඉංජිනේරුවන් පවසන්නේ.

ජලාශයන් දෙකේම ජල මට්ටම ඉහල යාමත් සමග විමලසුරෙන්ද්‍ර , ලක්ෂපාන , නව ලක්ෂපාන , කැනියොන් සහ පොල්පිටිය යන ජල විදුලි බලාගාර වල විදුලි උත්පාදනය උපරිම ධාරිතාවෙන් සිදු කරන බව ජල විදුලි බලාගාර ඉංජිනේරුවන් පවසා සිටියේ.