Thursday, December 26, 2024

General line - 0115112241

ආපදාවට ලක්වූ කඩුවෙල ජනතාවගේ සුව දුක් සොයා බැලීමට සාගල රත්නායක එක් වෙයි 




අයහපත් කාලගුණයෙන් විපතට පත් වූ ජනතාවට සහන සැලසීමේ දී පැරණි චක්‍රලේඛවලින් බැහැරව නව චක්‍රලේඛ අනුව කටයුතු කිරීමට නිලධාරීන්ට උපදෙස් දී ඇති බව ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක පවසනවා.

ඔහු මේ බව සඳහන් කළේ  ගංවතුරෙන් බලපෑමට ලක් වූ කඩුවෙල ප්‍රදේශයේ ජනතාවගේ සුවදුක් සොයා බැලීමට සහ එම ජනතාව වෙනුවෙන් ගෙන යන සහන වැඩපිළිවෙළ පිළිබඳ සොයා බැලීමේ නිරීක්ෂණ චාරිකාවකට එක් වෙමින් 

ගංවතුර බැස යාමෙන් පසුව ජනතාවගේ ජන ජීවිතය යථා තත්ත්වයට පත් කිරීම වෙනුවෙන් ගෙන යන වැඩපිළිවෙළ පිළිබඳ මෙහිදී සොයා බැලු සාගල රත්නායක මහතා ජනතාවට නැවත පදිංචිවීම් පහසුකිරීමට අවශ්‍ය සියලු පහසුකම් කඩිනමින් සපයන ලෙස ද නිලධාරීන්ට උපදෙස් දුන්නේය. 

ගංවතුරෙන් බලපෑමට ලක් වූ ප්‍රදේශයේ නිවාස දැක බලා ගැනීමටද එක් වූ සාගල රත්නායක එම නිවාස හිමියන් සමඟ ද කථා බහක නිරත වෙමින් ඉදිරියේ දී මෙම ගංවතුර තත්ත්වය පාලනය කර ගැනීම වෙනුවෙන් ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳව ද ඔවුන් සමඟ සාකච්ඡා කළා.