ග්රෑන්ඩ්පාස්, වදුල්ලවත්ත, පුරතර සෙවන මහල් නිවාස සංකීර්ණය අසල සිදු වූ වෙඩි තැබීමෙන් තුවාල ලැබූ කාන්තාවද ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලීසිය පවසනවා.
අදාළ කාන්තාව තවත් පිරිමි පුද්ගලයෙකු සමග ත්රීරෝද රථයකින් ගමන් කරමින් සිටියදී වෙඩි ප්රහාරයට ලක් වූයේ ඊයේ පස්වරුවේයි.
වෙඩි වැදීමෙන් තුවාල ලැබූ පුද්ගලයා කොළඹ ජාතික රෝහල වෙත රැගෙන යමින් සිටියදී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
අදාළ කාන්තාව රෝහල්ගත කිරීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත්ව ඇති බවයි පොලීසිය පැවසුවේ.
එලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ වයස අවුරුදු 31ක් වූ මාතර, කඹුරුගමුව ප්රදේශයේ පදිංචිව සිටි පිරිමි පුද්ගලයෙකු සහ ඔරුගොඩවත්ත ප්රදේශයේ පදිංචිව සිටි වයස අවුරුදු 56ක් වූ කාන්තාවක් බවද පොලීසිය පැවසුවා.
යතුරුපැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු විසින් මෙම වෙඩි තැබීම සිදු කර පලා ගොස් තිබෙනවා.
සැකකරුවන් මෙතෙක් අනාවරණ වී නොමැති අතර ග්රෑන්ඩ්පාස් පොලීසියි විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.