Wednesday, November 20, 2024

General line - 0115112241

රනිල් ජනාධිපතිවරණයට ස්වාධීන අපේක්‍ෂකයෙකු ලෙස ඉදිරිපත් වෙයි




මෙවර ජනාධිපතිවරණයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ස්වාධීන අපේක්‍ෂකයෙකු ලෙස ඉදිරිපත්වීම සඳහා අද පෙරවරුවේ ඇප මුදල් තැන්පත් කර තිබෙනවා.

ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම සදහා පළමු අපේක්‍ෂකයා ලෙස ජනාධිපතිවරයා එලෙස ඇප මුදල් තැන්පත් කෙරුණා.

 ඇප මුදල් තැන්පත් කෙරුනේ ජනාධිපති නීතීඥ රොනල්ඩ් පෙරේරා ඇතුළු නීතීඥ පිරිසක් විසින්. 

ජනාධිපතිවරණය ලබන සැප්තැම්බර් මස 21 වනදා පැවැත්වීමට තීරණය කෙරුණා.

ඊට අදාළ ගැසට් නිවේදනය අද පෙරවරුවේ ප්‍රකාශයට පත් කෙරුණා.

ඒ අනුව ජනාධිපතිවරණයට අදාළ අපේක්ෂකයන්ගේ නාම යෝජනා භාර ගැනීම අගෝස්තු 15වන දා සිදු කරන බවයි මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කළේ.