මිනිස් ශරීරයට දැඩි බලපෑමක් ඇති කිරීම හේතුවෙන්, මෙරට තුළ තහනම් කළ කෘෂි රසායනික ද්‍රව්‍ය වෙළඳසැල්වලට බෙදාහරිමින් සිටි පුද්ගලයන් දෙදෙනෙකු කොඩිකාමම් දුම්රිය ස්ථානය ඉදිරිපිට දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ, පොලිස් විශේෂ කාර්ය බලකායේ නෙල්ලිඅඩි කඳවුරේ නිලධාරීන්ට ගුවන් හමුදා බුද්ධි ඒකකය මගින් ලබා දුන් තොරතුරකට අනුවයි.
එම වැටලීමට උතුරු පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිළධාරීන් කණ්ඩායමක් ද එක්ව තිබෙනවා.
එහිදී කෘමි නාශක පැකට් 4,600ක් සිය භාරයට ගත් බවයි පොලිස් විශේෂ කාර්ය බලකාය පැවසුවේ.