Wednesday, November 20, 2024

General line - 0115112241

ජනපතිවරණයට ඇප මුදල් තැන්පත් කිරීමට ලබන 14 වනදා දක්වා අවස්ථාව




ජනාධිපතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයන් සඳහා අද සිට අගෝස්තු 14වනදා මධ්‍යහ්න 12 දක්වා ඇප මුදල් තැන්පත් කළ හැකි බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.

ඒ අනුව පිළිගත් දේශපාලන පක්ෂයක අපේක්ෂකයෙකු වෙනුවෙන් රුපියල් 50,000ක මුදලක් තැන්පත් කළ යුතු වනවා.

අනෙකුත් අපේක්ෂකයෙකු වෙනුවෙන් රුපියල් 75,000ක මුදලක් ඇප මුදල් ලෙස තැන්පත් කළ යුතු බවයි මැතිවරණ කොමිෂන් සභාව පැවසුවේ.

මේ අතර ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස ජනාධිපතිවරණයට ඉදිරිපත් වන රනිල් වික්‍රමසිංහ මහතා වෙනුවෙන් අද පෙරවරුවේ ඇප මුදල් තැන්පත් කෙරුණා.