Wednesday, November 20, 2024

General line - 0115112241

පොහොට්ටුවේ ජනපති අපේක්ෂකයා තවත් දින 03ක් ඇතුළත

සම්පත් කුලරත්න




ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂකයා පිළිබඳ තවත් දින තුනක් ඇතුළත ප්‍රකාශයට පත් කරන බව රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත පවසනවා.

අලුත්ගම ප්‍රදේශයේදී මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ ජනතාව තුළ විශ්වාසයක් ඇති සහ රටට ආදරය කරන පුද්ගලයෙකු සිය පක්ෂයෙන් ජනාධිපති අපේක්ෂකයා ලෙස නම් කරන බවයි.

ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කරන අපේක්ෂකයෙකු එලෙස සිය පක්ෂය විසින් නම් කරන බවයි රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත වැඩිදුරටත් පැවසුවේ.