වැඩ බලන පොලිස්පතිවරයෙකු පත් කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට නීතිමය ප්‍රතිපාදන නොමැති බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසනවා.
දේශබන්දු තෙන්නකෝන්ට පොලිස්පතිවරයා ලෙස කටයුතු කිරීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පනවා ඇති වාරණ නියෝගය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් අග්‍රාමාත්‍යවරයා මෙම අදහස් පළ කළා.
එමෙන්ම ව්‍යවස්ථාදායක සභාවේ බලය අධිකරණයකින් විමසා බැලිය නොහැකි බවද අග්‍රාමාත්‍යවරයා එහිදී කියා සිටියා.
ඒ අනුව පොලිස්පතිවරයාට පනවා ඇති වාරණ නියෝගය බල රහිත කළ යුතු බවත් මේ සම්බන්ධයෙන් කතානායකවරයාට කඩිනමින් මැදිහත් වන ලෙසත් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා වැඩිදුරටත් කියා සිටියා.
මේ, ඉන් අනතුරුව අදහස් දැක්වූ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා.
ඉන් අනතුරුව විපක්ෂ නායකවරයා සහ ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් අතර ඇතිවූයේ මෙවන් සංවාදයක්.
මේ එම විවාදයට එක් වූ පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ.
ඉන් අනතුරුව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අදහස් පළ කළා.