ජනාධිපතිවරණය වෙනුවෙන් තැපැල් ඡන්ද අයදුම් කිරීමට අදාළ චක්‍රලේඛය අද දිනය තුළ ප්‍රකාශයට පත් කරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.
මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර් එම් ඒ එල් රත්නායක නෙත් නිවුස් කළ විමසීමකදී පැවසුවේ අද දිනයේ සිට දින 10ක් ඇතුළත රාජ්‍ය සේවකයන්ට ජනාධිපතිවරණයට අදාළ තැපැල් ඡන්ද සඳහා අයදුම් කළ හැකි බවයි.
මේ අතර ජනාධිපතිවරණය ලබන සැප්තැම්බර් මස 21 වනදා පැවැත්වීමට අදාළ ගැසට් නිවේදනය අද ප්‍රකාශයට පත් කෙරුණා.
ඒ අනුව ජනාධිපතිවරණයට අදාළ අපේක්ෂකයන්ගේ නාම යෝජනා භාර ගැනීම අගෝස්තු 15 වන දින සිදු කරන බවයි මැතිවරණ කොමිෂන් සභාව පැවසුවේ.
ජනාධිපතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයන් සඳහා අද සිට අගෝස්තු 14වනදා මධ්‍යහ්න 12 දක්වා ඇප මුදල් තැන්පත් කළ හැකි බවද මැතිවරණ කොමිෂන් සභාව වැඩිදුරටත් පැවසුවා.