නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ඒමට උත්සහ කළ විදේශිය දුම්වැටි තොගයක් සමග සැකකරුවන් දෙදෙනෙකු කටුනායක ගුවන්තොටුපොළේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ, ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් පිරිසක් විසින්.
එහිදී රේගු නිලධාරීන් භාරයට ගෙන ඇති විදේශීය දුම්වැටි තොගයේ වටිනාකම රුපියල් හතලිස් එක් ලක්ෂ 75,000ක් වනවා.
සැකකරුවන් තලවතුගොඩ සහ පොළොන්නරුව යන ප්රදේශවල පදිංචිකරුවන් වනවා.
ඔවුන් විදේශීය දුම්වැටි සිය ගමන් මලුවල සඟවා ඩුබායි සිට පැමිණ තිබෙනවා.