ගුවන් ගමන් බලපත්‍ර හිග වීම සහ ආගමන හා විගමන දෙපාර්තමේන්තුව ගත් තීරණයක් හේතුවෙන් සිය සාමාජිකයින් පීඩාවට පත්ව ඇති බව විදේශ බෞද්ධ චාරිකා සංවිධායකයින්ගේ සංගමය පවසනවා.
මේ හේතුවෙන් දඹදිව වන්දනාවේ යාමට අපේක්ෂාවෙන් සිටින බොහෝ පිරිසකට ගුවන් ගමන් බලපත්‍ර සාදා ගැනීමට නොහැකි වී ඇති බවයි එම සංගමයේ මහලේකම් මහේන්ද්‍ර හල්ඔළුව පැවසුවේ.
වෙනත් ක්‍රමවේදයක් හරහා හෝ අදාළ පිරිසට දඹදිව වන්දනාවේ නිරත වීමට අවස්ථාව සලසා දෙන ලෙසයි ඔහු බලධාරීන්ගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටියේ.