Wednesday, November 20, 2024

General line - 0115112241

 මහින්ද සමඟ කිසිදු දේශපාලන සාකච්ඡාවක් සිදුනොකල බව ඇමති සුසිල් කියයි




හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සමඟ ඉදිරි දේශපාලන වැඩකටයුතු සම්බන්ධයෙන් කිසිදු සාකච්ඡාවක් තමා විසින් සිදු නොකල බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත පවසනවා.

ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක සහ අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත හිටපු ජනාධිපත මහින්ද රාජපක්ෂ මහතා හමුවී ඉදිරි ජනාධිපතිවරණය සම්බන්ධයෙන් සාකච්ඡා කළා යැයි පළවෙන පුවත සම්පූර්ණ අසත්‍ය බවයි නෙත් නිවුස් සිදුකල විමසුමකදී අමාත්‍යවරයා සඳහන් කළේ.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ඉල්ලීම පරිදි අධ්‍යාපන කටයුතු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා තමන් විසින් හිටපු ජනාධිපතිවරයාගේ විජේරාම පෙදෙසේ පිහිටි නිවසට ගොස්     ඒ සම්බන්ධයෙන් සාකච්ඡාවක් පැවැත්වූ බවයි. අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක දින කිහිපයකින් තමන්ට මුණ නොගැසුණු බවයි.