ජනප්‍රියත්වය සහ දේශපාලන වාසි තකා ජනාධිපතිවරණයට තරග කිරීම සඳහා ඉදිරිපත් නොවන ලෙසට ඒ පිළිබඳ අවධානය යොමු කර ඇති පාර්ශවවලින් පැෆරල් සංවිධානය ඉල්ලීමක් කරනවා.
එහි විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි පැවසුවේ ආර්ථික අර්බුධයක් පවතින මෙවන් අවස්ථාවක එලෙස කටයුතු නොකර සිටීම එම පාර්ශවවල යුතුකමක් බවයි.
පසුගිය ජනාධිපතිවරණයට අපේක්ෂකයින් 35 දෙනෙකු තරග කළ බව ද පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂවරයා පැවසුවා.
වාරණයට ලක් වූ පොලිස්පතිවරයා වෙනුවට වැඩ බලන පොලිස්පතිවරයෙක් පත් නොකිරීමට ජනාධිපතිවරයා ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් ද මෙහිදී අදහස් පළ වුණා.