සංචාරක ඉන්දීය කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවති පළමු විස්සයි විස්ස ක්‍රිකට් තරගයේ ජය හිමිකර ගැනීමට ඉන්දීය කණ්ඩායම ඊයේ රාත්‍රියේ සමත් වුණා.
ඒ, ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 43කින් පරාජයට පත් කරමින්. කාසිය වාසිය දිනාගත් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායක චරිත් අසලංක පළමුවෙන් පන්දුවට පහර දීම සඳහා ඉන්දීය කණ්ඩායමට ආරාධනා කළා.
ඒ අනුව පිටියට පිවිසි ඉන්දීය කණ්ඩායම නියමිත පන්දුවාර විස්ස අවසානයේ දී කඩුලු 07ක් පමණක් දැවී ලකුණු 213ක් ලබා ගත්තා.
ඉන්දීය කණ්ඩායමේ නායක සූර්යකුමාර් යාදෙව් පන්දු 26කදී වේගවත් ලකුණු 58ක් රැස් කළා.
පන්දු යැවීමේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් මතීෂ පතිරණ ලකුණු 40කට කඩුලු 04ක් දවා ගත්තා.
ලකුණු 214ක දැවැන්ත ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දුවාර 19යි පන්දු 02ක් තුළදී සියලු දෙනා දැවී ලබාගත හැකි වුණේ ලකුණු 170ක් පමණයි.
ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරු යුවල වන කුසල් මෙන්ඩිස් සහ පැතුම් නිස්සංක පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 84ක සාර්ථාක සම්බන්ධතාවක් පැවැත් වුවා.
පැතුම් නිස්සංක පන්දු 48කින් වේගවත් ලකුණු 79ක් ලබාගත් අතර කුසල් මෙන්ඩිස් පන්දු 27කදී ලකුණු 45ක් රැස් කළා.
ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන විස්සයි විස්ස තරගය අද රාත්‍රී 07ට ආරම්භ වීමට නියමිතයි.
මේ අතර ආසියානු කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සහ ඉන්දීය කාන්තා කණ්ඩායම අතර අවසන් මහා තරගය ද අද පස්වරු 03ට ආරම්භ වීමට නියමිතයි.
ඒ, රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේදීයි.