බිත්තර මිල ගණන් ඉහළ යාම සඳහා බලපා තිබෙන අමුද්‍රව්‍ය හිඟයට ඉදිරි සතියේදී විසඳුමක් ලැබෙනු ඇතැයි තමන් විශ්වාස කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා.
මේ දිනවල පවතින බිත්තර මිල ඉහළ යාම සම්බන්ධයෙන් නෙත් නිවුස් කළ විමසීමකදී අමාත්‍යවරයා සඳහන් කළේ සත්ව ආහාර සඳහා අවශ්‍ය කරන බඩඉරිඟු ආනයනය කිරීමට අවසර ලබාදී ඇති බවයි.
ඒ සමඟ සත්ව ආහාර ගැටළුවට විසඳුම් ලැබෙන බවද ඔහු පැවසුවා.
අමාත්‍ය නලින් ප්‍රනාන්දු පැවසුවේ බිත්තරයක සිල්ලර මිල රුපියල් 40ක් දක්වා අඩු කිරීමට හැකියාව පවතින බවයි.