Wednesday, November 20, 2024

General line - 0115112241

අතුරුගිරියේ ටැටූ දුලාන් සන්ජුල බන්ධනාගාරයේ තනි වෙයි




අතුරුගිරිය ප්‍රදේශයේදී “ක්ලබ් වසන්ත” ඝාතන සිද්ධියට අදාළව අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින ටැටූ ආයතනයේ හිමිකරුගේ සුව දුක් විමසීමට කිසිවෙකුත් බන්ධනාගාරයට මෙතෙක් පැමිණ නොමැති බව වාර්තා වනවා.

රක්ෂිත බන්ධනාගාර ගත කළ ඔහු පළමුව රඳවනු ලැබුවේ කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේයි.

ඉන් අනතුරුව ඔහු මහර බන්ධනාගාරය වෙත මාරු කෙරුණා.

ඒ අනුව ටැටූ ආයතනයේ හිමිකරු එම බන්ධනාගාරයේ ‘ඩී’ වාට්ටුවේ සිරමැදිරියක තනිව රඳවා සිටින බවයි බන්ධනාගාර ආරංචි පැවසුවේ.

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වන නඩු විභාගයට පමණක් ඔහු මහර බන්ධනාගාරයෙන් පිටතට ගන්නා බව ද බන්ධනාගාර ආරංචි පැවසුවා.