ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ එකඟ වූ කිසිදු කොන්දේසියක් කඩ නොකරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.
දේශපාලන වාසි ලබා ගැනීමේ අරමුණින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසි දේශපාලන නායකයින් විවේචනය කරමින් සිටින බවයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගාල්ලේ පැවති ජන හමුවකට එක්වෙමින් සඳහන් කළේ.
රත්නපුර ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වෙමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසුවේ ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් නියෝග පාර්ලිමේන්තුව තුළ විවේචනය නොකරන ලෙසයි.
මාතර පැවති ජන හමුවකට එක්වෙමින් ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක පැවසුවේ වැඩබලන පොලිස්පතිවරයෙකු රජය මැදිහත් වී කඩිනමින් පත්කළ යුතු බවයි.
ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ලෙස ජනතාවට හානි වන කිසිදු තීරණයක් තම පක්ෂය නොගන්න බවයි කොළඹ පැවති තරුණ හමුවකට එක්වෙමින් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පැවසුවේ.