වැල්ලවාය ප්රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් බුදුරුවාගල යෝදිත කදු රක්ෂිතයේ විශාල ගින්නක් හටගෙන තිබෙනවා.
ඊයේ රාත්රියේ ඇති වූ එම ගින්න අද (28) උදෑසන වන විට පාලනය වී ඇති අතර ගින්න හේතුවෙන් රක්ෂිතයේ අක්කර විස්සකට අධික භූමි ප්රදේශයක් ගිනිගෙන විනාශ වී ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු සඳහන් කර සිටියේ.
මේ දිනවල ප්රදේශයට පවතින දැඩි වියලි කාලගුණය සහ සුලං තත්ත්වය නිසා ගින්න වේගයෙන් පැතිර ගොස් ඇති අතර එම ගින්න නිසා රක්ෂිතයේ තිබූ ඉපැරැණි ශාක සහ වනසතුන් රැසක්ම විනාශ වී තිබෙනවා.
කිසියම් පුද්ගලයකු විසින් රක්ෂිතයට ගිනි තබන්නට ඇති බවට සැකකරන අතර නමුත් තැනින් තැන තවමත් ගිනි ගැනීම් දක්නට ලැබෙන බවයි නෙත් නිවුස් වාර්තාකරු සඳහන් කර සිටියේ.
සිද්ධිය සම්බන්ධයෙන් වැල්ලවාය වනසංරක්ෂණ කාර්යාලයේ නිලධාරීන් විසින් ඉදිරි විමර්ශන සිදු කරනු ලබනවා.