රුපියල් මිලියන 130ක වියදමින් බෙන්තර මොරගල්ල සංචාරකරාපයේ රන් සැතපුම සංචාරක කලාපය ඊයේ රාත්‍රී ජනතා අයිතියට පත් කර තිබෙනවා
මෙම බෙන්තර මොරගල්ල සංචාරකරාපයේ රන් සැතපුම සංචාරක කලාපය මෙරට සංචාරක ක්ෂේත්රයේ සංචාරකයින් බොහෝ පිරිසක් පැමිණෙන සංචාරක කලාපයක් වන අතර මෙම සංචාරක කලාපයේ මාර්ග පද්ධති සහ වෙරළේ රාත්‍රී කාලයේ පැවති අඳුරු ස්වභාවය නිසා සංචාරකයින් දැඩි අපහසුතාවයට පත්ව තිබුණා.
මේ පිළිබඳව ධීවර රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්තගේ බස්නාහිර පළාත් ආණ්ඩුකාර එයා වයිස් මාෂල් රොෂාන් ගුණතිලකහේ අවධානයට යොමු වූ අතර බස්නාහිර පළාත් ,පළාත් පාලන අරමුදල් රුපියල් මිලියන එකසිය තිහක වියදමින් එම සංචාරක කලාපයේ මාර්ග හතරක් සහ රාත්‍රී කාලයේ දැඩි අඳුරේ පැවතුණු රන් සැතපුම සංචාරක වෙරළ තීරයට නව විදුලි ආලෝක ධාරා හැටපහකින් සමන්විත කිලෝමීටර් දෙකකට ආසන්න දුරක් විදුලි ආලෝකය සවිකොට ජනතා අයිතියට පත් විය.