පාර්ලිමේන්තු මන්ත්‍රීවරුත් රටේ මහජනතාවත් ජනාධිපතිතුමාගේ වැඩපිළිවෙල තේරුම් අරන් අද එතුමා වටා රොක් වෙනවා කළුතර දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂයේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් විජයමාන්න පවසනවා.
ඔහු මේ බව පවසා සිටියේ ඊයේ සවස කළුතර දී පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්
එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ මන්ත්‍රී ලක්ෂ්මන් විජයමාන්න
" අද මේ රට තිබ්බ තත්ත්වයෙන් ගොඩ අරගෙන රටේ ආර්ථික ස්ථාවරතාවයක් ඇති කරන්න ජනාධිපතිතුමා කටයුතු කරලා තියෙනවා.
ඒක දැන් දැන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුත් තේරුම් අරගෙන එතුමා වටා එකතු වෙනවා.
ඒ වගේම මේ රටේ මහජනතාවත් එම තත්ත්වය තේරුම් අරන් ජනාධිපතිතුමාට ඉදි වසර පහත් බේ විදියට ජනාධිපතිකම කරගෙන යන්න සහයෝගය දෙන්න තීරණය කරලා .
මේ නිසා ජනාධිපතිතුමා මේ ජනාධිපතිවරණයට ඉල්ලන්න ඇප මුදල් තැන්පත් කළා. ඒක අපි ජයග්‍රහණය කරනවා ඒක කාටවත් නවත්තන්න බැහැ."