Wednesday, November 20, 2024

General line - 0115112241

විදෙස් සිගරට් කාටුන් 146ක් සමඟ චීන කාන්තාවක් කටුණායකදී රේගු භාරයට




මෙරටට පැමිණි කාන්තාවක් සතුව තිබී විදෙස් සිගරට් කාටුන් 146ක ප්‍රමාණයක් රේගු භාරයට ගැනීමට කටුණායක ගුවන්තොටුපල රාජකාරියේ නියුතු රේගු මත්ද්‍රව්‍ය පාළන අංශයේ නිළධාරීන් සමත් වී තිබෙනවා.

ඊයේ රාත්‍රී 12ට පමණ MH0179 දරණ ගුවන් යානයෙන් මැලේසියාවේ ක්වාලාලම්පූර් සිට මෙරටට පැමිණි මෙම සැකකාරිය චීන ජාතිකයෙක් වන බවයි ‍‍රේගු මාධ්‍ය ප්‍රකාශ අතිරේක අධ්‍යක්ෂ ජනරාල් සීවලී අරුක්ගොඩ පවසා සිටියේ.

පැමිණි චීන ජාතික කාන්තාව සතුව තිබු විදෙස් සිගරට් කාටුන් 146ක් තුල සිගරට් කූරු 29,200ක් පමණ අඩංගු වි ඇති අතර මෙම සිගරට් තොගයේ සමස්ථ වටිනාකම රු. 4,339,071/-ක් පමන වෙනවා.

යම් හෙයකින් මෙම සිගරට් තොගය රේගු භාරයට නොගෙන වෙලඳපල වෙත නිදහස් වූයේ නම් රජයට අහිමිවන ආදායම රු. 3,343,800/- ක් පමන වන බව ගණනය කර ඇති බවයි රේගු මාධ්‍ය ප්‍රකාශ අතිරේක අධ්‍යක්ෂ ජනරාල් සීවලී අරුක්ගොඩ පවසා සිටියේ

නීති විරෝධීව රැගෙන ආ මෙම සිගරට් තොගය රේගු ආඥාපනත යටතේ රාජසන්තක කිරීමකට ලක්කර ඇති අතර . සැකකාරියට පැනවූ  රු. 100,000/- ක දඩ මුදල ගෙවීමෙන් අනතුරුව නිදහස් කර ඇති බවයි ‍රේගු මාධ්‍ය ප්‍රකාශ වැඩි දුරටත් පැවසුවේ