Wednesday, November 20, 2024

General line - 0115112241

පාපන්දු පිටියට එල්ල කල දරුණු ප්‍රහාරයට ඊශ්‍රායල අගමැතිගෙන් දරුණු ප්‍රතිචාරයක් 




පාපන්දු පිටියකට එල්ල කළ මිසයිල ප්‍රහාරයකින් දරුවන් සහ තරුණයින් 12 දෙනෙක් පමණ මියගොස් තවත් 29දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

ගෝලාන් කඳුකරයේ පිහිටා ඇති මෙම පාපන්දු පිටිය ඊශ්‍රායලය විසින් පාලනය කර තිබෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ 

ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් සදහන් කර ඇත්තේ  එම ප්‍රහාරයට දරුණු ප්‍රතිචාරයක් දක්වන බවයි.


ඒ අනුව  ප්‍රතිචාර වශයෙන්  ඊශ්‍රායල හමුදාව ලෙබනනයේ හිස්බුල්ලා ඉලක්ක වෙත ගුවන් ප්‍රහාර එල්ලකළ කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා 

ඊශ්‍රායල ආරක්ෂක අංශ පැවසුවේ ලෙබනනයේ පිහිටි හිස්බුල්ලා ඉලක්ක 7කට දැඩි ප්‍රහාර එල්ලකර ඇති බවයි 

මෙම ප්‍රහාරය සම්බන්ධයෙන්  ලෙබනනයේ හිස්බුල්ලා ගරිල්ලා සංවිධානයට ඊශ්‍රායලය චෝදනා කරන අතර හිස්බුල්ලා සංවිධානය එම චෝදනාව ප්‍රතික්ෂේප කර තිබෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

තවද ඊශ්‍රායල හමුදාවේ ප්‍රධාන ප්‍රකාශක අද්මිරාල් ඩැනියෙල් හගාරි පවසා ඇත්තේ ගාසා තීරයේ යුද්ධය ආරම්භ වූ  ඔක්තෝබර් 7 වැනිදා හමාස් ප්‍රහාරයෙන් පසු ඊශ්‍රායල සිවිල් වැසියන්ට එල්ල වූ මාරාන්තික ප්‍රහාරය මෙය වන බවයි.

මේ හේතුවෙන් ඊශ්‍රායලය සහ හිස්බුල්ලා සංවිධානය අතර යුද්ධයක් ඇතිවීමේ හැකියාව පවතින බවයි ජාත්‍යන්තර විචාරකයින් පවසන්නේ.

ඊශ්‍රායලය විසින් අල්ලාගෙන සිටි ගෝලාන් කඳුකරය 1967 දක්වා සිරියාවේ කොටසක් වූ අතර, ඊශ්‍රායලය මැද පෙරදිග යුද්ධයේදී බොහෝ ප්‍රදේශ 1981 අල්ලා ගෙන තිබුනා.

 

/p>