ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ බැසිල් රාජපක්ෂ අතර සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත බව දේශපාලන ආරංචි මාර්ග පවසනවා.
ඒ ඉදිරි ජනාධිපතිවරණය සම්බන්ධයෙන් බවයි වාර්තා වන්නේ.
පසුගිය දින කිහිපය තුළ ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ පාර්ශවය සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පාර්ශවය අතර ද සාකච්ඡාවක් පවත්වා තිබෙනවා.
එම සාකච්ඡාව ද නිසි තීරණයක් නොමැතිව අවසන් වී ඇති බවයි වාර්තා වන්නේ.
මේ අතර බැසිල් රාජපක්ෂ සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතර ද තවත් සාකච්ඡාවක් පවත්වා තිබෙන අතර එහිදී ද ජනාධිපති අපේක්ෂකත්වයත් සම්බන්ධයෙන් සහ ඉදිරියේ දී ගොඩනැගීමට නියමිත නව සන්ධානය පිළිබඳව ද දීර්ඝ වශයෙන් සාකච්ඡා කර තිබෙනවා.
පසුව එම සාකච්ඡාව ද එකඟතාවයකින් තොරව අවසන් වී ඇති බවයි නෙත් නිවුස් වෙත වාර්තා වුණේ.
මේ අතර හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සමඟ ඉදිරි දේශපාලන වැඩකටයුතු සම්බන්ධයෙන් කිසිදු සාකච්ඡාවක් තමා විසින් සිදු නොකල බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත පවසනවා.
ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක සහ අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත හිටපු ජනාධිපත මහින්ද රාජපක්ෂ මහතා හමුවී ඉදිරි ජනාධිපතිවරණය සම්බන්ධයෙන් සාකච්ඡා කළා යැයි පළවෙන පුවත සම්පූර්ණ අසත්‍ය බවයි නෙත් නිවුස් සිදුකල විමසුමකදී අමාත්‍යවරයා සඳහන් කළේ.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ඉල්ලීම පරිදි අධ්‍යාපන කටයුතු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා තමන් විසින් හිටපු ජනාධිපතිවරයාගේ විජේරාම පෙදෙසේ පිහිටි නිවසට ගොස් ඒ සම්බන්ධයෙන් සාකච්ඡාවක් පැවැත්වූ බවයි.
අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක දින කිහිපයකින් තමන්ට මුණ නොගැසුණු බවයි.