Wednesday, November 20, 2024

General line - 0115112241

සජිත් ප්‍රේමදාසගෙන් ජනතාවට පොරොන්දුවක්




ඉදිරියේදී බිහිවන සමගි ජන බලවේග රජයක් යටතේ අල්ලස, දූෂණය පිටු දකින රජයක් බිහිකරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.        

ඒ සඳහා සියලු ජනතාවගේ සහය තමන්ට අවශ්‍ය බවයි රත්නපුර ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වෙමින් විපක්ෂ නායකවරයා සඳහන් කළේ. 


ස්වාධීන ජනාධිපති අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමඟ මේ වන විටත් දේශපාලන පක්ෂ රැසක් එකතු වෙමින් තිබෙන බවයි ගාල්ල ප්‍රදේශයේදී මාධ්‍යයට අදහස් දක්වමින් කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානයක්කර පැවසුවේ.


ජාතික ජන බලවේගය වශයෙන් ප්‍රජාතන්ත්‍රවාදී ලෙස ඉදිරි මැතිවරණයට තම පක්ෂය සූදානමින් සිටින බව එහි නායක අනුර කුමාර දිසානායක මාතර ප්‍රදේශයේ පැවති ජන හමුවක් අමතමින් සඳහන් කළා.  


ඇප තැම්පත් කළ පමණින් ජනාධිපති අපේක්ෂකයෙකු නොවන බවත් ඉදිරි දින කිහිපය තුළදී දේශපාලන පෙරලීන් විශාල වශයෙන් දැකගැනීමට හැකිවනු ඇති බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චන්න ජයසුම පැවසුවේ.


ස්ථිර වශයෙන්ම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිවරණය ජය ගන්නා බවයි කොළඹ පැවති වැඩ සටහනකට එක්වෙමින් හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක සඳහන් කළේ.