පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයට අදාළ මූලික මුද්‍රණ කටයුතු රජයේ මුද්‍රණාලය විසින් අවසන් කර මැතිවරණ කොමිෂන් සභාව වෙත භාරදී ඇති බව වාර්තා වනවා.
ඒ අනුව, ජනාධිපතිවරණයට අදාළ නාමයෝජනා සහ ඇප මුදල් තැන්පත් කිරීමට අදාළ මුද්‍රණ කටයුතු අවසන්කර තිබෙන බවයි රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව පැවසුවේ.
එමෙන්ම මැතිවරණ නිලධාරීන් පත්කිරීමේ ගැසට් නිවේදනය ද මේ වනවිට රජයේ මුද්‍රණාලය විසින් ප්‍රකාශයට පත්කර තිබෙනවා.
රජයේ මුද්‍රණාලයාධිපතිනි ගංගානි කල්පනී ලියනගේ සඳහන් කළේ ජනාධිපතිවරණයේ ඉදිරි කටයුතු සඳහා අවශ්‍ය ලිපි ලේඛන මුද්‍රණය කිරීමේ කටයුතු මේ වනවිටත් අඛණ්ඩව සිදුකරමින් පවතින බවයි.