පොලිස් රථ වාහන පරීක්ෂාවක් අතරතුර දී මෝටර් රථයකට මත්ද්‍රව්‍ය යැයි සැක කෙරෙන යමක් දමා එම මෝටර් රථයේ ගමන් ගත් තරුණයින් පිරිසක් අත්අඩංගුවට ගැනීමට උත්සාහ කළ පොලිස් කොස්තාපල්වරයෙකුගේ වැඩ තහනම් කර තිබෙන බව පොලිස් මූලස්ථානය පවසනවා. පසුගිය දා සමාජ මාධ්‍ය තුළ ද අදාළ විඩියෝව ප්‍රචාරය වුණා.
මේ සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වීමෙන් අනතුරුව අදාළ පොලිස් කොස්තාපල්වරාගේ වැඩ තහනම් කර ඇති බවයි වාර්තා වන්නේ.
එම සිදුවීම පසුගිය දා කොල්ලුපිටිය ප්‍රදේශයේදී සිදුව තිබෙනවා.
අදාළ පොලිස් කොස්තාපල්වරයා ඇතුළු පොලිස් නිලධාරින් කණ්ඩායමක් මාර්ගයේ ගමන් ගත් මෝටර් රථයක් පරීක්ෂා කර එම මොටර් රථයේ තිබී මත්දුව්‍ය සුළු ප්‍රමාණයක් අත්අඩංගුවට ගත්තා.
එම අවස්ථාවේ දී එම මෝටර් රථයේ ගමන් ගත් තරුණයින් කණ්ඩායම පොලිසියට චෝදනා කළේ පොලිස් නිලධාරින් විසින් එම මත්ද්‍රවයි තමන්ගේ මෝටර් රථයට දමා අත්අඩංගුවට ගැනීමට උත්සාහ කළ බවයි.
පසුව අදාළ තරුණයින් පිරිස එම සිදුවීම ජංගම දුරකථනයකින් වීඩියෝ ගත කර සමාජ මාධ්‍යයට මුදාහැර තිබුණා.
අදාළ සිදුවීමට අදාළ සම්පූර්ණ වීඩියෝව නෙත් නිවුස් යූ ටියුබ් නාලිකාවට පිවිස නැරඹිය හැකියි.