පොලිස් පති වරයා නොමැති වීම ජනාධිපති වරණයට බාධාවක් නොමැති බවත් ජනාධිපතිවරණය කල් දැමීම සඳහා විවිධ උපක්‍රම භාවිතා කිරීමෙන් පලක් නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ජී.එල්.පීරිස් පවසනවා.
මන්ත්‍රීවරයා මේ බව සඳහන් කර සිටියේ වාද්දුව බෝධිරාජාරාම විහාරාධිපති කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමාග්‍රී ධර්ම මහා සංඝ සභාවේ අනුනායක පූජ්‍ය කොටපිටියේ රාහුල හිමියන් බැහැදැකීමෙන් පසු මාධ්‍යට අදහස් දක්වමිනි
එහිදී අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ජී.එල්.පීරිස් පවසා සිටියේ මෙවැන්නක්
" ජනාධිපතිවරණයකල් දාන්න විවිධ උපක්‍රම භාවිතා කලා වැඩක් උනේ නෑ
ජනාධිපති සහ අගමැති කොළඹ රාජකීය විද්‍යාලයට ගිහින් කියනව ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දු පිළිගන්නේ නෑ කියලා.
විශේෂඥ වෛද්‍යවරුන් 1500 ක් රට හැර ගිහිල්ලා. විශ්වවිද්‍යාල මහාචාර්යවරු රට හැර යනවා. විනිසුරුවරුන්ට කියන්න කවුරුවත් නැහැ.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරු එහාට මෙහාට පැන්නට මැතිවරණයේ තීන්දුව දෙන්නේ ජනතා බලයෙන්."