විවිධ හඬ අනුකරණය කරමින් රසික සිත් පිනවූ ප්‍රවීණ හඬ කැවීම් ශිල්පි මංගල ප්‍රේමදාස මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා.
කාලයක් රෝගාතුරව ප්‍රතිකාර ලබමින් සිටි ඒ මහතා මිය යන විට72 වියේ පසුවිය.
මංගල ප්‍රේමදාස මහතා වසර පනහකට අධික කාලයක් විවිධ හඬ අනුකරණය කරමින් රසික සිත් සැනසූ ප්‍රවීණ හඬ අනුකරණ ශිල්පියෙක් මෙන්ම හඬ ශිල්පියකු ලෙස චිත්‍රපට ටෙලිනාට්‍ය ගුවන් විදුලි නාට්‍යවලට දායක වී තිබෙනවා.
ඔහුගේ දේහය රාජගිරිය පිහිටි ඔහුගේ නිවසේ තැන්පත් කර තිබෙන අතර අවසන් කටයුතු හෙට(29) සවස 4.00බොරැල්ල පොදු සුසාන භූමියේදී සිදු කිරීමට නියමිත බවයි ප්‍රේමදාස මහතාගේ පවුලේ අය සඳහන් කර සිටියේ.