Wednesday, November 20, 2024

General line - 0115112241

සැමට සාධාරණ නීතියක් ජාතික ජනබලවේග රජයක් යටතේ ගෙන එන බවට අනුරගෙන් පොරොන්දුවක්

එන් ඒ ඩබ් නිරෝෂන්




සැමට සමාන නීතියක් ජාතික ජන බලවේග රජයක් යටතේ නිර්මාණ කරන බව එහි නායක අනුර කුමාර දිසානායක පවසනවා.

රට ගොඩ නැගීමටනම් සැමට සාධාරණ නීතියක් රට තුළ ක්‍රියාත්මක කළ යුතු බවයි ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක සමස්ත ලංකා හෙද සංගමයේ ජාතික හෙද සමුළුව අමතමින් සඳහන් කළේ. 


පවතින නීතිය පුද්ගලයන් අනුව විවිධ ක්‍රම ඔස්සේ ක්‍රියාත්මක වන බවයි ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක එහිදී වැඩිදුරටත් සඳහන් කළේ.