පොලිස්පතිවරයා සම්බන්ධයෙන් මතුව ඇති ගැටලුව කථානායකවරයා සහ අගවිනිසුරුවරයා සාකච්ඡා කර මැතිවරණයට පෙර විසඳාගත යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.
මැතිවරණයට පෙර එය විසඳා ගැනීමට නොහැකි වුවහොත් ගැටලුකාරී තත්ත්වයක් ඇති විය හැකි බවයි “එක්ව ජයගමු” හෝමාගම රැලිය අමතමින් ජනාධිපතිවරයා සඳහන් කළේ.
මැතිවරණ කටයුතු සඳහා ආරක්ෂාව සැපයීමේදී සහ පොලිස් නිලධාරීන් රාජකාරිවලට යෙදවීමේ දී පොලිස්පතිවරයෙකු නොමැතිව එම කටයුතු කිරීමට අපහසු බවයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේ.