ජනාධිපතිවරණය පැවැත්වෙන කාලසීමාව තුළ රාජ්‍ය නිලධාරීන් සහ ආයතන කටයුතු කළ යුතු ආකාරය සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාව විසින් විශේෂ චක්‍රලේඛයක් නිකුත් කිරීමට තීරණය කර තිබෙනවා.
මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක පැවසුවේ ඉදිරි දින කිහිපය තුළ එම චක්‍රලේඛය නිකුත් කරන බවයි.
මැතිවරණය පැවැත්වෙන කාලසීමාවේ දී රාජ්‍ය නිලධාරීන් කටයුතු කළ යුතු ආකාරය සහ ආයතනවල කටයුතු පවත්වාගෙන යායුතු ආකාරය පිළිබඳව උපදෙස් එම චක්රලේඛයෙන් දැනුම් දීමට නියමිතයි.
අදාළ චක්‍රලේඛය මේ වනවිට සකස් කෙරෙමින් පවතින අතර මැතිවරණ කොමිෂන් සභාවේ සියලු සාමාජිකයින්ගේ අත්සනින් යුතුව එය ගැසට් පත්‍රයක් මඟින් ප්‍රකාශයට පත් කිරීමට කටයුතු කරන බව මැතිවරණ කොමිෂන් සභාපතිවරයා සඳහන් කළා.
මැතිවරණ කාලසීමාව තුළ රාජ්‍ය ආයතනවල නිලධාරීන් සඳහා අවශ්‍ය නියෝග සහ උපමාන මෙන්ම මාධ්‍ය ආයතන ජනාධිපතිවරණ කාලසීමාව තුළ කටයුතු කළ යුතු ආකාරය පිළිබඳව ද එම චක්රලේඛයෙන් දැනුම්දෙන බවයි මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක වැඩිදුරටත් පැවසුවේ.