Wednesday, November 20, 2024

General line - 0115112241

මැතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයන් සිදුකළ යුතු දේ




මැතිවරණ සඳහා ඉදිරිපත් වන ස්වාධීන අපේක්ෂකයන්ගේ සහ දේශපාලන පක්ෂවල ඇප මුදල් වැඩිකරන ලෙස තේරීම් කාරක සභාවෙන් ඉල්ලීමක් කළ බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක පවසනවා.

සැබෑ මතවාද වෙනුවෙන් පෙනී සිටින ඕනෑම පුද්ගලයෙකුට ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වීමේ හැකියාවක් පවතින බවයි මැතිවරණ කොමසාරිස් ජනරාල්වරයා පැවසුවේ.  


මේ අතර පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයට අදාළ මූලික මුද්‍රණ කටයුතු රජයේ මුද්‍රණාලය විසින් අවසන් කර මැතිවරණ කොමිෂන් සභාව වෙත භාරදී ඇති බව වාර්තා වනවා.

ඒ අනුව, ජනාධිපතිවරණයට අදාළ නාමයෝජනා සහ ඇප මුදල් තැන්පත් කිරීමට අදාළ මුද්‍රණ කටයුතු අවසන්කර තිබෙන බවයි රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව පැවසුවේ.

එමෙන්ම මැතිවරණ නිලධාරීන් පත්කිරීමේ ගැසට් නිවේදනය ද මේ වනවිට රජයේ මුද්‍රණාලය විසින් ප්‍රකාශයට පත්කර තිබෙනවා.

රජයේ මුද්‍රණාලයාධිපතිනි ගංගානි කල්පනී ලියනගේ සඳහන් කළේ ජනාධිපතිවරණයේ ඉදිරි කටයුතු සඳහා අවශ්‍ය ලිපි ලේඛන මුද්‍රණය කිරීමේ කටයුතු මේ වනවිටත් අඛණ්ඩව සිදුකරමින් පවතින බවයි.