Wednesday, November 20, 2024

General line - 0115112241

ඉදිරි ගමන තනියම යන්න බෑ සියලුම දෙනාගේ සහය අවශ්‍යයි -ජනපති ගාල්ලේදී කියයි




ඉදිරි ජනාධිපතිවරණයට තමන් ස්වාධීන අපේක්ෂකයකු ලෙස තරග කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා  පවසනවා 

තවද මේ ගමන තනියම යෑමට නොහැකි බව කී ජනාධිපතිවරයා ඒ සඳහා සියලූම දෙනාගේ සහාය තමන්ට අවශ්‍ය බවද ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ ගාල්ල පුරහල භූමියේ ඊයේ  පැවති "එක්ව ජයගමු" ජනරැළිය අමතමිනි.

එහිදී ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ කෘෂිකර්මාන්තය නවීකරණය කර රටට අලුත් කර්මාන්ත ගෙනවිත් තරුණ පරපුරට අලුත් රටක් නිර්මාණය කළ යුතු බවයි.

එය තම යුතුකමක් බවද ජනාධිපතිවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේය.

සමගි ජනබල වේගයේ අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඉශාක් රහුමාන්, උත්තර ලංකා සභාගයට සහය දක්වමින් පාර්ලිමේන්තුවේ ස්වාධීන මන්ත්‍රීවරයකු ලෙස කටයුතු කළ ජාතික කොංග්‍රසයේ නායක ඒ. එල්. එම් අතාවුල්ලා, ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ නියෝජනය කළ වෛද්‍ය ගයාශාන් නවනන්දන යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් මෙම ජනරැළියේදී ජනාධිපතිවරයාට සහය දක්වමින් වේදිකාවට ගොඩවීම විශේෂ සිද්ධියක් විය.

තවද ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මැති ඇමතිවරු 41ක් එක්ව ජයගමු අපි ගාල්ල  රැස්වීමට එක්ව තිබෙනවා.