පොලිස්පතිවරයා සම්බන්ධයෙන් මතුව තිබෙන ගැටලුව කථානායකවරයාත්, අග්‍රවිනිශ්චයකාර වරයාත් සාකච්ඡා කර විසදාගත යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද දැනුම් දී තිබෙනවා.
ඒ අද පෙරවරුවේ කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාටත් සහ අග්‍රවිනිශචයකාර ජයන්ත ජයසූරියටත් වෙන වෙනම දුරකතයෙන් කතා කරමිනි.
පොලිස්පතිවරයා ගේ ගැටලුව කෙබඳු ආකාරයට පැවතුනත්, ලබන 21 දා පැවැත්වෙන ජනාධිපතිවරණය වෙනුවෙන් සිය සහාය මැතිවරණ කොමිසමට ලබා දෙන බවද ජනාධිපතිවරයා තවදුරටත් දැනුම් දී තිබෙනවා.
සැප්තැම්බර් 21 දිනට නියම කර ඇති ජනාධිපතිවරණයට කිසිදු බාධාවක් ඇති නොවීමට මැතිවරණ කොමිසමට අවශ්‍ය සෑම සහායක්ම ලබාදීමට කටයුතු කරන බවද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී වැඩිදුරටත් දැනුම් දී ඇත.