පාර්ලිමේන්තුවෙන් පිටත නියෝජනය කරන ලියාපදිංචි දේශපාලන පක්ෂ 20ට වැඩි සංඛ්‍යාවක් ඉදිරියේ දී සමගි ජන බලවේගය සමඟ එකතු වීමට නියමිත බව සමගි ජන බලවේගයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර පවසනවා.
එමෙන්ම පාර්ලිමේන්තුව නියෝජනය කරන දේශපාලන පක්ෂ රැසක් මේ වන විටත් සමගි ජන බලවේගයට සහය දීමට තීරණය කර ඇති බවයි ඔහු කියා සිටියේ.
මේ අතර ගාල්ලේ පැවැති ජන හමුවකදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහය පළ කිරීමට එක්වූ සමගි ජන බලවේගයේ අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඉෂාක් රහුමාන්ට ඉදිරි මහ මැතිවරණයේදී නාම යෝජනා ලබා නොදීමට සමගි ජන බලවේගය තීරණය කර තිබෙනවා.
ඒ සම්බන්ධයෙන් ද සමගි ජන බලවේගයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර අදහස් පළ කළා.