හොරණ, කුඹුක - නැගෙනහිර ප්‍රාථමික විද්‍යාලයේ ගැටළු පිළිබඳ තමන් දැනුවත් වූ වහාම අදාළ අංශ දැනුවත් කළ බව අමාත්‍ය විදුර වික්‍රමනායක පවසනවා.
එම පාසලේ ඉදිකිරීම් කටයුත්තක් සඳහා මීට පෙර රුපියල් ලක්ෂ 19ක මුදලක් කළුතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය හරහා එම පාසලට ලබාදුන් බවයි අමාත්‍යවරයා පැවසුවේ.
එහෙත් අදාළ ඉදිකිරීම් කටයුතු ලබාදුන් මුදලට සරිලන සේ සිදුකර නොමැති බවට පාසලේ දෙමව්පියන් විසින් චෝදනා කළා.
ඒ සම්බන්ධයෙන් අමාත්‍ය විදුර වික්‍රමනායක දැනුවත් කිරීමට දෙමව්පියන් විසින් කටයුතු කර තිබුණා.
ඒ අනුව තමන් වහා ක්‍රියාත්මක වූ බවත් ඒ පිළිබඳ කඩිනම් අවධානය යොමු කරන ලෙස බස්නාහිර පළාත් ආණ්ඩුකාරවරයා සහ කළුතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය දැනුවත් කළ බවද අමාත්‍ය විදුර වික්‍රමනායක පැවසුවා.
හොරණ, කුඹුක - නැගෙනහිර ප්‍රාථමික විද්‍යාලයේ තවත් ගැටළු කිහිපයක් සම්බන්ධයෙන් දෙමව්පියන් විසින් තමන් දැනුවත් කර ඇති බව ද අමාත්‍යවරයා කියා සිටියා.
ඒ අනුව එම පාසලේ විදුහල්පතිවරයාට ද චෝදනා එල්ල වනවා
හොරණ, කුඹුක - නැගෙනහිර ප්‍රාථමික විද්‍යාලයේ ගැටළු සහ විදුහල්පතිවරයාට එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් නෙත් නිවුස් ද ඉන් අනතුරුව අවස්ථා කිහිපයකදී කරුණු අනාවරණය කළා.
අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජන්ත ද පැවසුවේ අදාළ පාසල සම්බන්ධයෙන් පාසලේ දෙමව්පියන් විසින් තමන්ව ද දැනුවත් කර ඇති බවයි.
ඒ අනුව සිද්ධිය සම්බන්ධයෙන් සොයා බලන ලෙසට අධ්‍යාපන බලධාරින්ට උපදෙස් ලබාදුන් බවට ද අධ්‍යාපන අමාත්‍යවරයා පැවසුවා.
මේ අතර අදාළ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා නිලධාරින් කණ්ඩායමක් අද එම පාසලට යාමට නියමිතව සිටින බවද නෙත් නිවුස් වෙත වාර්තා වුණා.