ඩුබායි සිට මෙරටට පැමිණි ගුවන් මගියෙකු සතුව තිබී මැන්චෙස්ටර් වර්ගයේ සිගරට් 24000 ක ප්‍රමාණයක් රේගු නිළධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඊයේ සවස 7.30ට පමණ EK650 දරණ ගුවන් යානයෙන් ඩුබායි සිට මෙරටට පැමිණි මෙම සැකකරු කලුතර ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන බවයි අතිරේක රේගු අධ්‍යක්ෂ ජනරාල් රේගු මාධ්‍ය ප්‍රකාශක සීවලී අරුක්ගොඩ පැවසුවේ
මෙම සිගරට් තොගයේ සමස්ථ වටිනාකම රු.4,097,253 ක් පමන වන අතර යම් හෙයකින් මෙම සිගරට් තොගය රේගු භාරයට නොගෙන වෙලඳපල වෙත නිදහස් වූයේ නම් රජයට අහිමිවන ආදායම රු. 3,541,896 ක් පමන වන බවයි ඔහු පවසා සිටියේ.
නීති විරෝධීව රැගෙන ආ මෙම සිගරට් තොගය රේගු ආඥාපනත යටතේ රාජසන්තක කිරීමකට ලක්කල බවයි අතිරේක රේගු අධ්‍යක්ෂ ජනරාල් රේගු මාධ්‍ය ප්‍රකාශක සීවලී අරුක්ගොඩ පැවසා සිටියේ