බදුල්ල සිට කොළඹ දක්වා ධාවනය වු රාත්‍රි තැපැල් දුම්රියේ ගැටි පුද්ගලයෙකු අද දින අලුයම ජිවිතක්ෂයට පත් වි තිබෙනවා.
රාත්‍රි තැපැල් දුම්රිය අලුයම 12.30ට පමණ හැටන් දුම්රිය ස්ථානයේ නතර කරන අවස්ථාවේ දුම්රිය මාර්ගයේ පැමිණි පුද්ගලයෙකු දුම්රියේ එන්ජිමට පැන්න බව දුම්රිය රියදුරා විසින් හැටන් දුම්රිය ස්ථානය වෙත දැනුම් දුන් බවයි හැටන් පොලිසිය පවසා සිටියේ,
මියගිය පුද්ගලයාගේ අනන්‍යතාවය මෙතෙක් තහවුරු කරගෙන නොමැති අතර මියගිය පුද්ගලයාගේ සිරුර හැටන් දුම්රිය ස්ථානය වෙත භාර දි ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු පවසන්නේ.
සිරුර සම්බන්ධයෙන් හදිසි මරණ පරික්ෂණය හැටන් හදිසි මරණ පරික්ෂණක එම්.එම්.කජා මියන් විසින් පැවැත්වු අතර , සිරුර පශ්චාත් මරණ පරික්ෂණය සදහා දික්ඔය මුලික රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කරන ලෙසට හදිසි මරණ පරික්ෂකවරයා විසින් හැටන් පොලිසියට නියෝග කර තිබෙනවා.