ඉන්දීය නාවික හමුදාව සිය මුහුදු සීමවේදී චීන ජාතිකයෙකුගේ දිවි බේරා ගෙන තිබෙනවා.
ඉන්දීය මාධ්‍ය පැවසුවේ මුම්බායි වෙරළට ඔබ්බෙන් යාත්‍රා කරමින් තිබූ භාණ්ඩ ප්‍රවාහ නෞකාවක සිටි තුවාල ලැබූ චීන නාවිකයෙකු ඉන්දීය නාවික හමුදාව සාර්ථකව ඉවත් කර ගන්නා ලද බවයි.
මුම්බායි හි සමුද්‍ර ගලවා ගැනීමේ සම්බන්ධීකරණ මධ්‍යස්ථානයට ආසන්න වශයෙන් කිලෝමීටර් 370 ක් පමණ දුරින් ආපදා ඇමතුමක් ලැබී තිබුණා.
ඒ අනුව අදාළ නෞකාවේ සිටි 51 හැවිරිදි චීන නාවිකයෙකුට අධික රුධිර වහනයකින් ජීවිතයට තර්ජනයක් ඇති බවයි ඔවුන් හඳුනා ගෙන ඇත්තේ.
තුවාල සිදුව තිබූ එම පුද්ගලයාට හදිසි වෛද්‍ය මැදිහත්වීමක් අවශ්‍ය බව හඳුනාගත් ඉන්දීය නාවික හමුදාව ඔහුට ප්‍රතිකාර ලබා දී තිබුණා.
ඒ වෙනුවෙන් චීනය ඉන්දියාවට ස්තූතිය පල කර තිබෙනවා