පැරිස් ඔලිම්පික් සංවිධායකයින් තවත් අත් වැරදීමක් සම්බන්ධයෙන් සමාව ඉල්ලා ප්‍රකාශයක් නිකුත්කර තිබෙනවා.
ඒ ජාතික ගීයක් වැරදි ලෙස ප්‍රචාරය වීම සම්බන්ධයෙන් මෙලෙස සමාව ඉල්ලා තිබෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ
පැරිස් ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ දකුණු සුඩානය සහ පුවර්ටෝ රිකෝ අතර පිරිමි පැසිපන්දු තරඟයක් පියරේ මවුරෝ ක්‍රීඩාංගණයේ පැවැත්වූ අතර
එහි ආරම්භයට පෙර දකුණු සුඩානයේ ජාතික ගීය වෙනුවට සුඩානයේ ජාතික ගීය ප්‍රචාරය වි තිබෙනවා,
එහි රැස්ව සිටි ප්‍රේක්ෂකයින්ගේ සහ ක්‍රීඩකයන්ගේ ඝෝෂාවත් සමග සුඩානයේ ජාතික ගීය ප්‍රචාරය නවත්වා යළි දකුණු සුඩානයේ ජාතික ගීය ප්‍රචාරය කිරීමට පැරිස් ඔලිම්පික් සංවිධායකයින් කටයුතු කර තිබුනා.
පසුව මේ සම්බන්ධයෙන් පැරිස් ඔලිම්පික් සංවිධායකයින් සුඩානයේ ප්‍රේක්ෂකයින්ගේ සහ ක්රීඩකයන්ගේන් සමාව අයැද තිබෙනවා
එවැනි වරදක් සම්බන්ධයෙන් සමාව අයැදීමට සංවිධායකයින්ට සිදු වූ දෙවන අවස්ථාව මෙය වන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ
සිකුරාදා සමාරම්භක උත්සවය අතරතුර, ඔලිම්පික් සමාරම්භක උත්සවයට එක්වූ දකුණු කොරියානු ජාතික ඔලිම්පික් කණ්ඩායම උතුරු කොරියානු ඔලිම්පික් කණ්ඩායම ලෙස නම් කිරීම සම්බන්ධයෙන් පැරිස් ඔලිම්පික් කමිටුව සමාව ඉල්ලා තිබුණි.
මෙවර ඔලිම්පික් ක්‍රීඩා උලෙළේ සමාරම්භක උත්සවයේ ඇතැම් අංග මේ වනවිට පාර්ශ්ව රැසක දැඩි විවේචනයට ලක් වූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
වසර ගණනාවක සිවිල් යුද්ධයෙන් පසු 2011 දී දකුණු සුඩානය ස්වාධීන රාජ්‍යයක් බවට පත් වූ අතර .පිරිමි පැසිපන්දු කණ්ඩායම 2024 දී පළමු වරට ඔලිම්පික් සුදුසුකම් ලබාගෙන තිබුනා.