මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපති සී පී අතලුවගේ එම ධූරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා.
ඒ, ජනාධිපති ලේකම්වරයා වෙත ලිපියක් යොමු කරමින්.
මාර්ග සංවර්ධන අධිකාරියේ රාජකාරි සම්බන්ධයෙන් ප්‍රවාහන හා මහා මාර්ග අමාත්‍යංශයේ ලේකම්වරයාගේ අත්නෝමතික මැදිහත් වීම සහ අනිසි බලපෑම් පසුගිය කාල සීමාව තුළදී නිරන්තරයෙන් සිදු වූ බව ඔහු සිය ලිපියෙන් පෙන්වා දෙනවා.
එමෙන්ම වර්තමානයේදී ආයතනයේ ඉහළ කළමණාකාරීත්වය වෙත සෘජු බලපෑම් එල්ල කර පරිපාලන සහ මෙහෙයුම් කටයුතුවලට අතපෙවීම් සිදුකරනු ලබන බවටයි මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපතිවරයා පවසන්නේ.
තමන්ට සහ අධ්‍යක්ෂ මණ්ඩලයට අනුමත කළ නොහැකි විවිධ යෝජනා සම්බන්ධයෙන් මාර්ග සංවර්ධන අධිකාරියේ මතය මහා මාර්ග අමාත්‍යංශය වෙත යොමු කරනවා.
එවන් අවස්ථාවලදී තමන් සමඟ රාජකාරී කටයුතු කිරීම අපහසු බව පැවසීමට උත්සාහ දරණ බවට තමන්ට දැනගැනීමට හැකි වූ බව ද මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපතිවරයා පවසනවා.
තවදුරටත් මෙවැනි අත්තනෝමතික ක්‍රියා සිදුකරනු ලබන නිලධාරියෙක් යටතේ සේවය කිරීමට නොහැකි බවත් ඒ අනුව සභාපති ධූරයේ සේවය අවසන් කිරීමට තමන් තීරණය කළ බවත් ඔහු විසින් ජනාධිපති ලේකම්වරයා වෙත යැවූ ලිපියේ වැඩිදුරටත් සඳහන්.