ජනාධිපතිවරණය සඳහා තැපැල් දෙපාර්තමේන්තුවට වැය වෙතැයි අපේක්ෂිත මුදලට අදාළ වාර්තාවක් මැතිවරණ කොමිසම වෙත යොමු කර තිබෙනවා.
ඒ අනුව රුපියල් බිලියන එකයි දශම 04ක මුදලක් වැයවනු හැකි බවටයි තැපැල් දෙපාර්තමේන්තුව පුරෝකතනය කරන්නේ.
සාමාන්‍ය තැපැල් ගාස්තු, ලියාපදිංචි තැපැල් ගාස්තු, ලිපි ද්‍රව්‍ය සඳහා වියදම්, ප්‍රවාහන වියදම් ඇතුළු වියදම් රැසක් සඳහා වන ඇස්තමේන්තුවක් එලෙස යොමුකර තිබෙනවා.
එහෙත් ඉල්ලුම් කළ මුදල් ප්‍රමාණය වෙනස් වීමේ හැකියාවක් පවතින බව ද තැපැල් දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළා.
මෙවර ජනාධිපතිවරණය ලබන සැප්තැම්බර් මස 21 වනදා පැවැත්වෙනවා.
ඒ අනුව ජනාධිපතිවරණයට අදාළ අපේක්ෂකයන්ගේ නාම යෝජනා භාර ගැනීම අගෝස්තු 15 වන දින සිදු කරන බවයි මැතිවරණ කොමිෂන් සභාව පැවසුවේ.
ජනාධිපතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයන් සඳහා ඇප මුදල් තැන්පත් කිරීමට ද මේ වනවිට අවස්ථාව සලසා දී තිබෙනවා.
ඒ අනුව අගෝස්තු 14වනදා මධ්‍යහ්න 12 දක්වා ඔවුන්ට ඇප මුදල් තැන්පත් කළ හැකි බවයි මැතිවරණ කොමිෂන් සභාව පැවසුවේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත්වීම සඳහා පළමුව ඇප මුදල් තැන්පත් කළා.
ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම සඳහා මේ වනවිට තවත් අපේක්ෂකයන් කිහිප දෙනෙකුම ඇප මුදල් තැන්පත් කර ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පැවසුවා.