ඔක්තෝම්බර් මාසයේ සිට ඉලෙක්ට්‍රොනික ගමන් බලපත්‍රය ලබා ගැනීමට හැකියාව පවතින බව ආගමන විගමන දෙපාර්තමේන්තුව පවසනවා.
ඊට පෙර ගමන් බලපත්‍රයක් ලබා ගතහොත් ඉදිරියේදී ඒ වෙනුවට ඉලෙක්ට්‍රොනික ගමන් බලපත්‍රයක් ලබාගත යුතු බවයි ආගමන විගමන පාලක ජනරාල් හර්ෂ ඉලුක්පිටිය පැවසුවේ.
එතෙක් ගමන් බලපත්‍ර ලබා ගැනීමට නොපැමිණෙන ලෙසද අද උදෑසන ප්‍රචාරය වූ නෙත් එෆ් එම් බැලුම්ගල වැඩසටහනට එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කළා.
මේ අතර විදේශ බෞද්ධ චාරිකා සංවිධායකයින්ගේ ගැටලුව සම්බන්ධයෙන් ඔවුන් සමඟ මෙම සතිය තුළ සාකච්ඡා කරන බවද ආගමන විගමන පාලකවරයා කියා සිටියා.
ගුවන් ගමන් බලපත්‍ර හිග වීම සහ ආගමන හා විගමන දෙපාර්තමේන්තුව ගත් තීරණයක් හේතුවෙන් සිය සාමාජිකයින් පීඩාවට පත්ව ඇති බව විදේශ බෞද්ධ චාරිකා සංවිධායකයින්ගේ සංගමය පසුගිය දා පෙන්වා දුන්නා.
මේ හේතුවෙන් දඹදිව වන්දනාවේ යාමට අපේක්ෂාවෙන් සිටින බොහෝ පිරිසකට ගුවන් ගමන් බලපත්‍ර සාදා ගැනීමට නොහැකි වී ඇති බවයි එම සංගමයේ මහලේකම් මහේන්ද්‍ර හල්ඔළුව එහිදී පැවසුවේ.
ඒ අනුව ඔවුන්ට ඉදිරියේදී සහනයක් ලබාදීමට කටයුතු කරන බව ආගමන විගමන පාලක ජනරාල් හර්ෂ ඉලුක්පිටිය පැවසුවා